මෙම සිනමා නිර්මාණය තිරගත වී දින 26ක් වැනි කෙටි කාලයක් තුළදී කෝටි 10ක ආදායම් සීමාව ඉක්මවා යමින් සුවිශේෂී වාර්තාවක් තැබීමට සමත් වී ඇත. "නීරා" මෙලෙස අභිබවා යන්නේ, මීට පෙර "විසල් ආදරේ" චිත්‍රපටය දින 45කින් තැබූ ආදායම් වාර්තාවයි. මෙම දත්ත මගින් "නීරා" කෙරෙහි ප්‍රේක්ෂකයන් දක්වන අසීමිත ආදරය මනාවට පැහැදිලි වේ.
පසුගිය සති අන්තයේදී පමණක් චිත්‍රපටය දැඩි ජනප්‍රියත්වයක් පෙන්නුම් කළ අතර, සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී Housefull දර්ශන වාර 80ක් වාර්තා කිරීම විශේෂත්වයකි. එපමණක් නොව, පසුගිය ඉරිදා (ඔක්තෝබර් 12) දින 18,101ක ප්‍රේක්ෂකයන් පිරිසක් සමඟින් චිත්‍රපටය එක් දිනක් තුළ රුපියල් ලක්ෂ 100ක දෛනික ආදායමක් වාර්තා කරමින් තවත් සුවිශේෂී කඩයිමක් පසු කර ඇත.
මෙලෙස වාර්තා තබන 'නීරා' සිනමා සිත්තම ශනුද්‍රි ප්‍රියසාද්, සෙනිත් ගජධීර, කසුනි කාවින්දි, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසකගේ විශිෂ්ට රංගනයෙන් හැඩ වී තිබේ.
‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය යසස් මැදගෙදර විසිනි.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.
අධ්යක්ෂ වාසව බදුගේගේ සංවේදී කැමරා අධ්‍යක්ෂණය සහ නළු නිළියන්ගේ චිත්තාකර්ශනීය රංගනය නිසා 'නීරා' චිත්‍රපටය මේ වන විට මෙරට සිනමා ඉතිහාසයේම අලුත් පිටුවක් පෙරළා ඇතැයි කිව හැකිය.