
ළමා ලෝකය වෙනුවෙන් නිර්මාණය වූ 'සිහින සරුංගල්' සැප්තැම්බර් 26 වනදා සිට
ආචාර්ය උපුල් වීරසිංහ සහ තාරක අධිකාරිගේ සම අධ්‍යක්ෂණයෙන් බිහි වූ මෙය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබූ චිත්‍රපටයකි.
මෙහි කතාව ගෙතී ඇත්තේ මව්පියන් අහිමිව සිය සීයා සමඟ ජීවත් වන "සිතුම්" නම් දරුවෙකු වටායි. සිතුම් යනු යහපත් චර්යාවන්ගෙන්, උසස් පරිකල්පනයෙන් සහ අධිෂ්ඨානශීලී උත්සාහයකින් පිරිපුන් දරුවෙකි. දරිද්‍රතාවයෙන් සහ සමාජ පීඩනයෙන් පීඩා විඳිමින් වුවත්, සිතුම් තම සීයාගේ උපදෙස් පිළිපදිමින් යහපත් අනාගතයක් වෙනුවෙන් වෙහෙසෙයි. මේ ගමනේදී සිදුවන අනපේක්ෂිත සිදුවීමක් සමඟ චිත්‍රපටයේ කතාව ඉදිරියට ගමන් කරයි.
මෙම චිත්‍රපටය සඳහා සතිස්චන්ද්‍ර එදිරිසිංහ, හේමසිරි ලියනගේ, රොෂාන් රණවන, ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද අතුකෝරළ, සහ ජනක රණසිංහ වැනි ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් දායක වී ඇත. ඊට අමතරව, ප්‍රතිභාසම්පන්න ළමා නළු නිළියන් කණ්ඩායමක් ද රංගනයෙන් එක්ව සිටී.
සනත් භාෂ්වර කරුණාරත්න විසින් තිර රචනය කළ "සිහින සරුංගල්" චිත්‍රපටය නවීන් රත්නායක නිෂ්පාදනයක් වන අතර රෝහණ වන්නිආරච්චි සම නිෂ්පාදනයෙන් දායක වී ඇත.