ads
Entertainment

ප්‍රහර්ෂ ඉදුවරගේ 'මතක වස්ත්‍ර' කෙටි චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මානයක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලාංකික තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රහර්ෂ ඉදුවර සූරියබණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මතක වස්ත්‍ර' කෙටි චිත්‍රපටය, මෑතකදී ජාත්‍යන්තර සම්මානයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකීය සිනමාවට නව ගෞරවයක් එක් කළා.

මෙම කෙටි චිත්‍රපටය 7 වන දකුණු ආසියානු චිත්‍රපට, කලා සහ සාහිත්‍ය (SAFAL) ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී "New Horizons Jury Award" සම්මානය දිනා ගැනීමට සමත් වුණා. මෙම සම්මානය පිරිනැමෙන්නේ දකුණු ආසියානු සිනමාව තුළ අනාගත බලාපොරොත්තු තැබිය හැකි නැගී එන සිනමාකරුවෙකුගේ විශිෂ්ට සහ නව්‍ය නිර්මාණයක් සඳහායි.

වාර්ෂිකව ඕස්ට්‍රේලියානු දකුණු ආසියානු සංසදය (ASAF) විසින් සංවිධානය කරනු ලබන මෙම SAFAL උළෙල, දකුණු ආසියානු කලාපයේ චිත්‍රපට, කලා සහ සාහිත්‍ය නිර්මාණ ඇගයීම සඳහා විශාල වේදිකාවක් සපයනවා. මේ වසරේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු විවිධ රටවල් රැසක් මෙම උළෙල නියෝජනය කළා. ඒ අතරින් 'මතක වස්ත්‍ර' හි මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.

සැප්තැම්බර් 06 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Pioneer රඟහලේදී පැවති සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමුණු අතර, එහිදී ප්‍රහර්ෂ ඉඳුවර සූරියබණ්ඩාරගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයට නව බලාපොරොත්තු එක් කරන්නක්. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ නැගී එන සිනමා පරම්පරාවට විශාල ආශ්වාදයක් ලබා දෙනවා නිසැකයි.

0%
0%
0%
0%
Comments